Categories
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

නියම මුනිවරයා

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

අඥාන මුලාවන ගතියෙන් යුතු පැවිද්දෙක් නුවණැති තපස් රකින්නෙක් වෙන්නේ නැහැ.
යම් කිසි ද්‍රව්‍යයන් දෙකක් තරාදියකින් කිරා මැන බලා වඩා බර දේ කුමක්දැයි දැනගන්නාසේ, පස් කම් සැපය නිසා ඇතිවන තාවකාලික සුවයත්, නිවණට පත්වීමෙන් ලැබිය හැකි උතුම් වූ සදාකාලික සංසිඳීමත් අතර ඇති උසස් වටිනාකමත්, ප්‍රඥාවන්තයා නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගනියි.

තමන් තුල ඇති පවිටු අදහස් දුරු කිරීමෙන් ඔහු නුවණැති තාපසයෙක් වෙනවා.
මෙලොවත් පරලොවත් ගැන අවබෝධ කරගත් ඔහුට උතුම් තාපසයෙක් යයි කියනු ලැබේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading