Categories
ධම්ම පදය ප්‍රිය වර්‍ගය

මවුපිය දෙදෙනා හා එක් ම පුතා

ධම්ම පදය-ප්‍රිය වර්‍ගය

උසස් බවට පත්වීමට කැමති පුද්ගලයා නුසුදුසු ක්‍රියාවන්හි ආදීනව අවබෝධ කරගෙන තමන් ළඟ ඇති නුසුදුසු ක්‍රියා වලින් ඈත්වීමට උත්සාහ කර තමන් හට සිදුවිය හැකි විනාශයන් වලක්වා ගැනීමට කටයුතු කරන්නේය.

ප්‍රියයන් යයි හැඟීමෙන් හෝ අප්‍රියයන් යයි හැඟීමෙන් හෝ කිසිවෙකුත් සමග කිසිකලෙක වත් ආශ්‍රයන් පවත්වාගන්න එපා.
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ඇතිකරනවා මෙන්ම අප්‍රියයන් හා එක්වීමද දුක ඇතිකරන්නේය.

එවැනි වූ කෙනාට ප්‍රියයන් නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමකින් පමුණුවනු ලබන කවර කම්පාවක් වත් ඇතිවෙන්නේ නැහැ.
ප්‍රිය අප්‍රිය දෙකෙන්ම වෙන්වූ ඔහු තුල බැඳීම් දකින්න ලැබෙන්නේ නැහැ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading