ධම්ම පදය-මල වර්‍ගය
පවට ලජ්ජා නැති, කපුටකු මෙන් කෑම සොයා යන, තමන්ගේ වැනසීම වෙනුවෙන් සැපවත් යයි සිතමින් නිසරු ජීවිත ගත කරන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට අදක්ෂ වන කෙනාගේ ජීවිතය අපවිත්‍ර වූ එකකි.
පවට ලජ්ජා ඇතිව දුෂ්කර ජීවිතයක් ගතකරන තමන්ට යහපත සලසන දේම සොයන නොපසුබට වීර්යයෙන් යුතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට දක්ෂ වන කෙනාගේ ජීවිතය පිරිසිදු වූ යහපත් එකකි.