Categories
ධම්ම පදය සුඛ වර්‍ගය

සක්දෙවිඳුන් කළ උපස්ථානය

ධම්ම පදය-සුඛ වර්‍ගය

යහපත් උතුම් අය දැකීම, එවැනි අය හා එක්ව විසීම, හැම කල්හිම සුවය ඇති කරන්නේය.
අඥානයන් නොදැකීම, ස්ථිර සැපවත් ජීවිතයක් ලැබීමට හේතු වන්නේය.

අඥානයන් හා එක්ව විසීම දීර්ඝ කාලයකට ශෝක කිරීමට හේතුවන්නේය.
අඥානයෙක් හා විසීම නිසා සදාකාලයටම සතුරන් ඇති වීම සිදු වන්නේය.
ප්‍රඥාවන්තයන් හා එක්ව විසීම තමන්ගේ පවුලේ අය සමග එක්වීම හා සමාන වන්නේය.

එහෙයින් එබැවින්,
නුවණැති ප්‍රඥාවන්ත බොහෝ ඇසූ පිරූ තැන් ඇති,
ඕනෑම දුකක් උහුලමින් තමන්ගේ ශීලය ආරක්ෂා කරගනිමින්, හික්මෙන
එබඳු ඒ මනා ප්‍රඥාවෙන් වාසය කරන සත් පුරුෂයා සේවනය කිරීම නිසා,
එකම ආකාරයට, එකම වේගයෙන් නැකත් තරු අතර ගමන් ගන්නා චන්ද්‍රයා සේ, තමන්ගේ ජීවිතයද එකම ආකාරයට සංසිඳීමෙන් ගත කිරීමට හැකි වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading