Categories
ක්‍රෝධ වර්‍ගය ධම්ම පදය

සවග මහණුන්ගේ අසංවරය

ධම්ම පදය-ක්‍රෝධ වර්‍ගය

කය නිසා හට ගත හැකි නුරුස්සන ස්වභාවය-කෝපය වළක්වාගැනීමට කය සංවර කරගනිමින් වාසය කරනවා.
එවිට කයෙන් සිදුවන දුසිරිත් දුරු කරමින් කය හික්මවාගෙන සංසිඳෙමින් වාසය කිරීමට හැකි වනවා.

වචනය නිසා හට ගත හැකි නුරුස්සන ස්වභාවය-කෝපය වළක්වාගැනීමට වචනය සංවර කරගනිමින් වාසය කරනවා.
එවිට වචනයෙන් සිදුවන දුසිරිත් දුරු කරමින් වචනය හික්මවාගෙන සංසිඳෙමින් වාසය කිරීමට හැකි වනවා.

නරක නපුරු සිතිවිලි නිසා හට ගත හැකි නුරුස්සන ස්වභාවය-කෝපය වළක්වාගැනීමට සිත සංවර කරගනිමින් වාසය කරනවා.
එවිට නරක නපුරු සිතිවිලි නිසා සිදුවන දුසිරිත් දුරු කරමින් සිත හික්මවාගෙන සංසිඳෙමින් වාසය කිරීමට හැකි වනවා.

නුවණින් කටයුතු කරමින් කයෙන් හික්මී වචනයෙන්ද හික්මුණු ප්‍රඥාවන්තයා තමන්ගේ සිතද හික්මවා ගත් කළ, ඔහු ඒකාන්තයෙන්ම මනාව හික්මුණු උතුම් කෙනෙකු වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading