Categories
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

හිඟන්නකු පැවිදි කිරීම

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

පවට ඇති ලැජ්ජාව නිසා තමන් තුල පහත් සිතිවිලි ඇතිවීම වලක්වා ගත හැකි යම් කෙනෙක් මේ ලෝකය තුල විද්‍යාමාන වේ නම්, ඒ තමන්ව නින්දාවෙන් වලක්වාගැනීමේ අවබෝධය, කසයෙන් මෙල්ල කරන අසෙකු සේ ඔහුව හික්මවන්නේය.

යම් සේ කසය පාවිච්චි කරමින් අශ්වයා හසුරුවමින් හික්මවාගන්නා සේ කෙලෙස් තවන වීර්යය ඇති කෙනා සංසාරය ගැන කලකිරීමෙන්ධ ර්මය කෙරෙහි ඇති කරගත් ශ්‍රද්ධාවද, ඉන්ද්‍රියයන් හික්මවාගනිමින් ඇති කරගත් ශීලයද, අධික වීර්යයද ඇතිව සිත එකඟ කරගනිමින්, ඒ ඒ වර්ථමාන මොහොතේ සිතට එන අරමුණු නුවණින් මෙනෙහි කරමින්ද, වඩවා ගන්නා ප්‍රඥාවට අනුව මනා ප්‍රඥාවෙන් යුතුව හැසිරෙමින්ද, මෙතෙක් කාලයක් විඳි අධික දුක් දුරු කරන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading