ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

ඊරියකගේ පෙරැළිය

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

යම්සේ කපන ලද ගසක හානි නොවූ බලවත් මුල් තිබේ නම් ඒ ගස නැවත දළුලා වැඩෙන්නා සේ සත්වයන්ගේ සිත්හි දුරු නොකළ අප්‍රකටව පවත්නා රාග ද්වේෂාදී කෙලෙස් තිබේ නම්ඔ හු තුල දුක් පීඩා නැවත නැවත හටගනියි.

ඔහු තුල කාම ආශාව නිසා තිස් හය ආකාරයකට අධික වූ කෙලෙස් වැගිරෙනවා.
ඒ ගලා බැස්ම උසුලන මිත්‍යා දෘෂ්ඨි සිතිවිලි ඇති කෙනා තුල රාගය ඇතිවෙනවා.

ගලා බසින දිය පහරවල් සැම තැන්හිම ගස් වැල් හටගන්න ආකාරය නුවණින් අවබෝධ කර, තමන් තුලද වැගිරෙන කෙලෙස් නිසා දලු ලන තෘෂ්ණා මුල්ප්‍ රඥාවෙන් හඳුනාගෙන ඒ තෘෂ්ණා මුල් මුලින්ම සිඳ ලන්න.

විසිරී පැතිරුණු ආශාවන් ඇතිව සතුට සොයන මනුස්සයා ඒ ඔහුගේ සතුට සැප සෙවීම නිසා ඒකාන්තයෙන්ම ජාති ජරා වලට එළඹෙනවා.

තණ්හාව පෙරටු කරගත් සත්වයා දඟලන්නේ, මලපුඩුවට හසුවූ සාවෙක් වගේ. අරමුණු වන රූප හා බැඳෙන සත්වයා නැවත නැවත දුකට එළඹෙමින් කල් ගත කරනවා.

තණ්හාව පෙරටු කරගත් සත්වයා දඟලන්නේ, මලපුඩුවට හසුවූ සාවෙක් වගේ.
එබැවින් භික්ෂුව තෘෂ්ණාව දුරු කරමින් රාගයෙන් තොර වීමට කැමති වන්නේය.