ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

කපිල මත්ස්‍යයා

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

අනුවණින් කටයුතු ක‍රන මනුෂ්‍යයා තුල තෘෂ්ණාව වැඩෙන්නේ, ගස් වටේ එතෙන මාළුවා වැල වගේ. (යම් ගසක මේ වැල එතුනේ නම් එයින් ඒ ගස විනාශයට පැමිණේ.)
එවැනි මනුෂ්‍යයා සසරේ නොයෙක් ලෝක වල උප්පත්ති වලට යන්නේ, අත්තෙන් අත්තට පනින වඳුරෙක් වගේ.

ඒ පුද්ගලයා ඇතිවී පැවතී නැතිවී යන ස්වභාව ඇති වස්තුන් කෙරේ තණ්හාවෙන් ඇලුම් කරන නිසා ඔහු හට ශෝකය වැඩෙන්නේ වරුසාව කාලයට සැවැන්න පැල පඳුරු දා වැඩෙනවා වගේ.

ඉදින් යම් පුද්ගලයෙක් ඉක්මවීමට අපහසු ඒ විනාසවන ස්වභාව ඇති වස්තුන් කෙරේ තණ්හාවෙන් ඇලීම ඉක්මවීමට සමර්ථ වේ නම්, ඔහු කෙරෙන් ශෝකය පහ වෙන්නේ, නෙලුම් කොලය මත වතුර නොරඳන්නා සේය.

ඒ නිසා යම් තාක් මෙහි රැස් වූ ඔබට මම ඔබගේ යහපත සඳහා කියන්නම්, තණ්හාව මුලින්ම උදුරා දමන්න. (මෙහි දක්වා ඇති උපමාවට අයත් ශාක ගැන මා හට අවබෝධයක් නැති නිසා ඒ ගැන සඳහන් නොකරමි) එපා ඔබලාව මාරයාට නැවත නැවත බිඳින්න ඉඩදෙන්න, වතුර පහරට ගසා ගෙන යන බට ගස් වගේ.