Categories
ධම්ම පදය නාග වර්‍ගය

පාරිලෙය්‍යක ඇතා

ධම්ම පදය-නාග වර්‍ගය

බුද්ධිමත් උපකාරයක් ලැබිය හැකි ප්‍රඥාවන්තයින් වාසය කරන පරිසරයක හැසිරෙන කෙනා සියලු විපත් වළකාලමින් ප්‍රසන්න කරගත් සිත ඇතුව සිහි නුවණින් වාසය කරන්නේය.

ඉදින් බුද්ධිමත් උපකාරයක් ලැබිය හැකි ප්‍රඥාවන්තයින් වාසය කරන පරිසරයක වාසය කිරීමට නොලැබෙන්නේ නම්ව නයේ හැසිරෙන තනි ඇතා සේ, උත්තම වූ තැනැත්තා දිනා ගත් රට පවා හැර දා තනිව හැසිරෙයි.

අඥානයන් හා ආශ්‍රයෙන් තොරවී තනිව හැසිරීම ශ්‍රේෂ්ඨයි.
තනිව හැසිරීම නිසා කවර කම්පා වීමක් වත් ඇතිකරන පවු කම් තමන් අතින් සිද්ධවෙන්නේ නැහැ.
අඩු උත්සාහයක් ඇතිව තනිව හැසිරෙන ඇතා මෙන්, උත්තම වූ තැනැත්තා අඩු උත්සාහයක් ඇතිව අකුසල් ප්‍රහාණය කරනවා.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading