Categories
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

මරු නැගූ මහාහඬ

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

දුරු කල තෘෂ්ණාව නිසා කෙලෙස් වලින් තොර වී තැති ගැනීම් රහිත ව ගමන අවසන් කල කෙනා, නැවත කිසිවක් උපාදානය කිරීමට ඇති හේතුන් මුලින්ම උදුරා දැමූ නිසා, ඔහු දැන් අවසාන ශරීරය දරන්නේය.

තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කර ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන්කි සිවක් උපාදානය කර නොගත්, බුදුන් වදාළ ධර්මයේ අර්ථය දැන ගැනීමට දක්ෂ වන, අක්ෂර එකතු වී සෑදුනු වචනයන්හි පෙර අපර සන්ධි නිවැරදිව ගලපමින් අර්ථය පෙන්වා දීමට සමත්, ඔහු ඒකාන්තයෙන්ම අවසාන ශරීරය දරන මහා ප්‍රඥා ඇති උත්තම පුරුෂයෙක්, යයි කියනු ලැබේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading