Categories
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

ශාරීපුත්‍ර මහාස්ථවිරයන්ගේ ඉවසීම

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

කෙනෙක් බ්‍රාහ්මණයෙක් හෙවත් උසස් පුද්ගලයෙකු යයි තමන්ව හඳුන්වා ගන්නවා නම්, ඔහු විසින් අන්‍යන්ට හිංසා පීඩා සිදුකරන්නේ නැහැ,
කුලය, ජාතිය, ආගම, වත් පොහොසත් කම් අනුව අන්‍යන්ව පහත් කොට සලකන, අන්‍යන්ට හිංසා පීඩා සිදුකරන, තමන්ව බ්‍රාහ්මණයෙක් යයි හඳුන්වා ගන්නා එවැනි වූ පෘතග්ජන ගිහි හෝ පැවිදි කෙනෙකුට කිසිදා සැනසීමක් ලැබෙන්නෙත් නැහැ.

නමුත් යම් දවසක නිවැරදි ධර්මය අසා අවබෝධකරගෙන ඒ අනුව තමන් තුල පැවති ඒ නරක සිතිවිලි බැහැර කර එවැනි සාහසික පහත් ක්‍රියා නවතා දැමූ මොහොතේ පටන්, ඔහුට මහත් වූ සැපයක් ලැබෙනවා. එයට හේතු වන්නේ ඔහු විසින් වඩවා ගත් ප්‍රඥාවයි.

ප්‍රඥාව උපදවා ගත් ශ්‍රේෂ්ඨ වූ කෙනා අන් කිසිදු කෙනෙකුට හිංසා කිරීම් වැනි පහත් ක්‍රියා සිදු කරන්නේ නැහැ සිහිය එළඹ ගෙන සිටින ඔහු යම් දිනක තමන්ගේ සිත කැමති දේ කිරීම වැලැක්වීමට පටන් ගන්නවා එතැන් සිට ඒ ලබා ගත් අවබෝධය නිසා, ඔහු හිංසා පීඩා කිරීමෙන් වැළකීමට පටන් ගන්නවා.
එලෙස හිංසා පීඩා කිරීමෙන් මුළුමනින්ම වෙන්වූ ඔහු තුල දුක මුළුමනින් නැති වෙනවා.

ඒ ප්‍රඥාව ඔහුව බ්‍රාහ්මණයෙක් බවට ද පත්කරනවා.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading