Categories
Uncategorized

පිං පැමිණවීම

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්ථා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා භයප්පත්තා ච නිබ්භයා
සොකප්පත්තා ච නිස්සොකා හොන්තු සබ්බෙපි පාණිනො.

ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො

මේ සියලු සක්වලයන්හි වැඩ වාසය කරන බුදු, පසේ බුදු,
මහරහත්, අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නය ඇතුලු ආර්යයන් වහන්සේලා සියලු දෙනාමත්,
දිව්‍ය බ්‍රහ්ම තලවල වැඩ වාසය කරන
සියලුම දෙවියන් සහ බ්‍රහ්මයනුත්,
මේ තාක් සංසාරයේ අපහට දෙමවුපියන්, සහෝදර සහෝදරියන් ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දු දරුවන්, මුනුබුරු මිනිබිරියන්, ඤාති මිත්‍රාදීන්, සතුරන්, විරුද්ධ වාදීන්, වූ සියලු දෙනාමත්,
අහසේ ජලයේ ගොඩබිම වාසය කරන අපා, දෙපා, සිව්පා, බහුපා යන සියලු සත්වයනුත්,
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ, ගන්ධබ්බ, නාග, යන අවස්ථාවල සිටින සියලු දෙනාමත්,
නිරයේ සිටින සියලු දෙනාමත්,
ඇතුළු සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා!
නිදුක් වෙත්වා! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
දුකෙන් මිදෙත්වා!

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading