Categories
Uncategorized

මවට සහ පියාට වන්දනා කිරීම

බුදුන් වහන්සේගේ ඉගැන්වීම නුවණින් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන කෙනාට හැකිවෙනවා තමන් මෙන්ම ලෝකයේ සිටින බොහෝ මිනිසුන්ද, තම දෙමව්පියන්ද, කෙලෙස් නිසා සසරේ අතරමංව අසරණවී සිටින බව වටහා ගැනීමට. එලෙස වටහා ගැනීමට දක්ෂ වන කෙනා උත්සාහ කරනවා ඒ අවිද්‍යාවෙන් මිදෙන්න. එවැනි වූ කෙනෙක් ඔහු වටා සිටින සතුරන්ට පවා බුදුන්ගේ ධර්මයේ වටිනා කම වටහා දීමට උත්සාහ කරනවා. ඒ ඔහු අවිද්‍යාවෙන් ගැලවීමට වීර්යය කරන අතරතුර දෙමව්පියන්ටද ඒ මාර්ගය දැකගැනීමට මග සලස්වන්නේ ඔහුට මේ මනුෂ්‍ය භවය ලබා ගැනීමට තම දෙමව්පියන්ද පිහිට වූ බව නුවණින් අවබෝධ වන නිසයි. ඔහු දෙමව්පියන්ට සළකන්නේ දස මාසයක් කුසේ තබා ලේ කිරි කර අත පය නොකඩා හැදූ නිසා නොව, ඔහුට මේ මනුසත් බවය ලබාගැනීමට පිහිට වූ නිසයි. අතපය නැති හෝ වෙනත් විකලාබාධ, ලෙඩදුක් සහිත බිහිවන දරුවන්ගේ දෙමව්පියන් විසින් එවැනි දේ සිදුනොවන බව සහ ඒවා ඒ ඒ කෙනාගේ කර්ම විපාකවල ප්‍රතිඵල බවත්, ලේ කිරි වීම සහ දස මාසයක් හෝ යම් කාලයක් කුස තබාගන්නේ ලෝක ධර්මතාවය අනුව බවත්, කෑම බීම ඇදුම් පැළදුම්, දෙමව්පිය සෙනෙහස, හිමි හෝ අහිමි වන්නේ තමන්ගේ පින් පව් අනුව බවත් ඒ කෙනාට නුවණින් අවබෝධ වෙනවා. එවිට තමන්ට නොසළකන දෙමව්පියන්ට හෝ ගෞරවයෙන් ආදරයෙන් සළකනවා.
ඒ නිසා බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයටම මෙම පහත ගාථා කියමින් සහ එහි අරුත ද දෙමව්පියන්ට පැහැදිලි කර දෙමින් උදේ හවස හෝ දවසට වරක් හෝ වැඳීමෙන්, එම දෙමව්පියන්ගේද තණ්හා – දෘෂ්ඨි – මාන දුරුවෙනවා. ඔවුන්ටද සුගතිගාමී වීමට මග සැළසෙනවා.

ද්වින්නාහං ජානාමි, යෙසං අහං සුප්පතිකාරං කාතුං න සක්කොමි.
කතමෙසං ද්වින්නං? මාතු ච පිතු ච.
එකෙන අංසෙන මාතරං පරිහරෙය්‍යං, එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍යං වස්සසතායුකො වස්සසතජීවී. සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙන, තෙ ච තත්ථෙව මුත්තකරීසං චජෙය්‍යුං. න ත්වෙවාහං මාතාපිතූනං කතං වා හොමි පටිකතං වා.
ඉමිස්සා ච මහාපථවියා පහූතරත්තරතනාය මාතාපිතරො ඉස්සරාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍යං, න ත්වෙවාහං මාතාපිතූනං කතං වා හොමි පටිකතං වා.
තං කිස්ස හෙතු? බහුකාරා මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.
තස්මා අහං මාතරං ච පිතරං ච සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය සමාදපෙතුං, නිවෙසෙතුං, පතිට්ඨාපෙතුං වායමිස්සාමි. එත්තාවතා මයා මාතාපිතූනං කතඤ්ච භවිස්සති, පටිකතඤ්ච.

Categories
Uncategorized

Sharing merits

Eththa~watha~ Cha Amhehi Sampadang Puknkna Sampadang
Sabbe Dewa~ Anumo~danthu Sabbasang Paththisiddhiya~

Eththa~watha~ Cha Amhehi Sampadang Puknkna Sampadang
Sabbe Bhu~tha~ Anumo~danthu Sabbasang Paththisiddhiya~

Eththa~watha~ Cha Amhehi Sampadang Puknkna Sampadang
Sabbe Saththah~ Anumo~danthu Sabbasang Paththisiddhiya~

Dukkhappaththa~ Cha Niddukkha~ Bhayappaththa~ Cha Nibbhaya~
Sokappaththa~ Cha Nissoka~ Honthu Sabbepi Pa~nino.

Idang Me Kna~thi Idang Hothu Sukhitha~ Honthu Kna~thayo
Idang Me Kna~thi Idang Hothu Sukhitha~ Honthu Kna~thayo
Idang Me Kna~thi Idang Hothu Sukhitha~ Honthu Kna~thayo

All the Buddhas, ‘Pachcheka’ Buddhas who reside in the whole Universe,
All the Nobles, including Arahath, the pious disciples on the path to ‘Nirwana’,
All Gods and Brahmans who are in Divine and Brahma realms,
All our parents, brothers, sisters, husbands, wives, children,
grandchildren, relatives, friends, enemies, opponents,
are and were in this life and previous lives.
All the visible and invisible living beings with two-footed, four-footed and many-footed and without feet who live on land, in the water, and the sky,
All invisible Devils, ghosts, demons, Kumbhandas, Gandhabbas, Nagas,
All those in hell,

May all creatures be free from suffering!
May they be blessed!
May they have a healed mind!
May they get rid of sorrow!


Categories
Uncategorized

පිං පැමිණවීම

අනිවාර්යයෙන්ම තමන් මේ සිදුකරන සත්‍ය ක්‍රියාව ගැන සිංහල තේරුම කියවා අවබෝධ කර ගැනීමෙන් පසුව පමණක් මෙම සත්‍ය ක්‍රියාව සිදු කළ යුතු බව සිහි තබා ගන්න.

“කොසජ්ජං භයතො දිස්වා, වීරියං චාපි ඛෙමතො;
ආරද්ධවීරියා හොථ, එසා බුද්ධානුසාසනී.

“විවාදං භයතො දිස්වා, අවිවාදඤ්ච ඛෙමතො;
සමග්ගා සඛිලා හොථ, එසා බුද්ධානුසාසනී.

“පමාදං භයතො දිස්වා, අප්පමාදඤ්ච ඛෙමතො;
භාවෙථට්ඨඞ්ගිකං මග්ගං, එසා බුද්ධානුසාසනී.

“සමාගතා බහූ බුද්ධා, අරහන්තා ච සබ්බසො;
සම්බුද්ධෙ අරහන්තෙ ච, සක්කච්චං වන්දාමි අහං.

“එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙසු පසන්නානං, විපාකො හොති අචින්තියො”

නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජය මංගලං!
නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං!
නත්ථි මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං!

“යං කිඤ්චි කුසලං කම්මං, කත්තබ්බං කිරියං මම;
කායෙන වාචා මනසා, තිදසෙ සුකතං කතං.

“යෙ සත්තා සඤ්ඤිනො අත්ථි, යෙ ච සත්තා අසඤ්ඤිනො;
කතං පුඤ්ඤඵලං මය්හං, සබ්බෙ භාගී භවන්තු තෙ.
“යෙසං කතං සුවිදිතං, දින්නං පුඤ්ඤඵලං මයා;
යෙ ච තස්මිං න ජානන්ති, දෙවා ගන්ත්වා නිවෙදයුං.

“සබ්බලොකම්හි යෙ සත්තා, ජීවන්තාහාරහෙතුකා;
මනුඤ්ඤං භොජනං සබ්බං, ලභන්තු මම චෙතසා.

ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො

මේ සියලු සක්වලයන්හි වැඩ වාසය කරන බුදු, පසේ බුදු,
මහරහත්, අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නය ඇතුලු ආර්යයන් වහන්සේලා සියලු දෙනාමත්,
දිව්‍ය බ්‍රහ්ම තලවල වැඩ වාසය කරන
සියලුම දෙවියන් සහ බ්‍රහ්මයනුත්,
මේ තාක් සංසාරයේ අපහට දෙමවුපියන්, සහෝදර සහෝදරියන් ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දු දරුවන්, මුනුබුරු මිනිබිරියන්, ඤාති මිත්‍රාදීන්, සතුරන්, විරුද්ධ වාදීන්, වූ සියලු දෙනාමත්,
අහසේ ජලයේ ගොඩබිම වාසය කරන අපා, දෙපා, සිව්පා, බහුපා යන සියලු සත්වයනුත්,
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ, ගන්ධබ්බ, නාග, අසුර, යන අවස්ථාවල සිටින සියලු දෙනාමත්,
නිරයේ සිටින සියලු දෙනාමත්,
ඇතුළු සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා!
නිදුක් වෙත්වා! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
දුකෙන් මිදෙත්වා!

“කාමය නිසා නිවනට ඇතිවන මන්දෝත්සාහී ගතිය ගැන බිය උපදවාගෙන සිත එයින් නිදහස් කරගෙන වීර්යය කරන්න.
පටන්ගත් වීර්යය අවසානය තෙක් පවත්වා ගැනීමයි, බුදුන්ගේ අනුශාසනාව.”

“විවාද වලට පැටලීම ගැන බිය උපදවාගෙන, වචනය සංවර කරගනිමින් වාද විවාද වලින් නිදහස් වන්න.
සමගිව, මෘදුව වාසය කිරීමයි, බුදුන්ගේ අනුශාසනාව.”

“නිවනට ප්‍රමාදය ගැන බිය උපදවාගෙන, සිත-කය නිදහස්ව තබාගෙන අප්‍රමාදී වන්න.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම තමයි බුදුන්ගේ අනුශාසනාව.”

“බොහෝ උපකාර ඇති බුදුවරු සහ අරහතුන් හාත්පසින්ම සම්පූර්ණව එකට රැස්වී ඇත.
සම්බුදුවරුන්ට සහ අරහතුන්ටද, මම වන්දනා කරමින් නමස්කාර කරන්නෙමි.”

“බුදුවරුන්ගේ විෂය, බුදුවරුන්ගේ ගුණය සිතෙන් හෝ බුද්ධියෙන් සිතා ගැනිය නොහැකි වේ.
බුදුන් දේශනා කළ ධර්ම විෂය සහ ධර්මයේ ගුණ සිතෙන් හෝ බුද්ධියෙන් සිතා ගැනිය නොහැකි වේ.
ඒවැනි අචින්ත්‍ය ගුණ ඇති බුදුන් වහන්සේලා සහ උන් වහන්සේලා දේශනා කරන ධර්මය ගැන ඇතිවෙන අප්‍රමාණ ශ්‍රද්ධාව සහ ගෞරවය නිසා ලැබෙන ආනිශංසයද සිතෙන් හෝ බුද්ධියෙන් සිතා ගැනිය නොහැකි තරම් අචින්ත්‍ය වන්නේය.”

බුද්ධ රත්නයේ සරණ හැර මට අන් සරණක් නොමැත,
ඒ සත්‍යයේ ආනුභාවයෙන් මට යහපතක්ම වේවා !

ධර්ම රත්නයේ සරණ හැර මට අන් සරණක් නොමැත,
ඒ සත්‍යයේ ආනුභාවයෙන් මට යහපතක්ම වේවා !

සංඝරත්නයේ සරණ හැර මට අන් සරණක් නොමැත,
ඒ සත්‍යයේ ආනුභාවයෙන් මට යහපතක්ම වේවා !

“මා විසින් සිදුකල යුතු වූ කුසල කර්මයක් ඇත්ද,
කයින්, වචනයෙන්, මනසින්, ඒ තුන් දොරින්ම ඒ යහපත් ක්‍රියා කරන ලදී.”

“යම් සංඥා සහිත සත්වයෝද, තවත් සංඥා රහිත සත්වයෝද,
මා විසින් සිදුකරන ලද පුණ්‍ය මහිමයට ඒ සියලු දෙනාම කොටස් කරුවන් වී ඔවුන්ට යහපතක්ම වේවා!”

“මා විසින් හොඳින් අවබෝධයෙන් ඒ යමෙකුට දෙන ලද පිං ඒ ඔවුන් විසින් දැනගන්නේ නැත්නම්, දෙවියන් ඔවුන් වෙත ගොස් ඒ බව දැනුම් දෙත්වා.”

“සියලු ලෝකයන්හි සිටින ඒ සත්වයින් ආහාර හේතුවෙන් ජීවත් වන්නන්,
මම සිතනවා ඒ හැමෝටම රසවත් ආහාර ලැබෙන්න කියා.”

මේ මගේ ඤාතීනට මෙයින් යහපතක් වේවා, ඒ ඤාතීන් සැපවත් ඇත්තෝ වෙත්වා!
මේ මගේ ඤාතීනට මෙයින් යහපතක් වේවා, ඒ ඤාතීන් සැපවත් ඇත්තෝ වෙත්වා!
මේ මගේ ඤාතීනට මෙයින් යහපතක් වේවා, ඒ ඤාතීන් සැපවත් ඇත්තෝ වෙත්වා!