Categories
අංගුත්තර නිකාය

මෙත්තානිසංස සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-එකාදසකනිපාත පාළි-අනුස්සති වග්ගය- මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිශංස පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.

මහණෙනි, තමන්ගේ සිත රාග-ද්වේශ-මෝහාදී කෙලෙස්වලින්
මුළුමනින්ම මුදවා ගත හැකිවන සේ, මෛත්‍රී සහගත සිත පුරුදු කර ගත යුතුයි. වැඩිය යුතුයි. බොහෝ සෙයින් පවත්වාගත යුතුයි. ඉතා පුහුණු කර ගත යුතුයි. සිතට අඩිතාලමක් සේ යොදාගත යුතුයි.
මෙතෙක් පුරුදු වී සිටි ද්වේශ සහගත සිතිවිලි මතු නොවන සේ, නොපසුබට අධිෂ්ඨානයෙන්, තම සිත තුල බලවත් ලෙස මෛත්‍රිය උපදවා ගෙන, ප්‍රගුණ කිරීම ආරම්භ කල යුතුයි.
මෙසේ තමන් තුල මෛත්‍රී සහගත සිත ප්‍රගුණ කරන ආර්ය පුද්ගලයා ආනිසංස එකොළහක් ලැබීමට කැමති විය හැකියි.
කවරක්ද ඒ එකොළහ?

  • සුව නින්දක් ලබයි.
  • සුවසේ පුබුදියි.
  • නින්දේදී නපුරු සිහින නොදකියි.
  • අනිකුත් මනුෂ්‍යන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙයි.
  • දෙවියන් ඇතුළු ඇසට නොපෙනෙන සත්වයන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙයි.
  • දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලබයි.
  • ඔහුට ගින්නෙන්, වස විෂෙන් හෝ ආයුධයන්ගෙන් හානි නොපැමිණෙයි.
  • තම සිත වහා එකඟ කර ගැනීමට හැකිවෙයි.
  • මුහුණේ පැහැය ඉතා ප්‍රසන්න වෙයි
  • අවසිහියෙන් මරණයට පත්වීම සිදු නොවෙයි.
  • තමා පිලිබඳ අවබෝධ නොකළ හොත් එනම් මාර්ග ඵලයකට පත්වීමට හැකි නොවුව හොත් මරණින් මත්තෙහි බ්‍රහ්ම ලෝකයකට එළඹීම සිදුවේ.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading