පිරිත් සිංහල

අති පූජණීය පිරිත් පොත් වහන්සේ සම්පාදනය කළේ බුදු දහම ගැන අබමල් රේණුවක තරම් වත් අවබෝධයක් නැති ඕනෑම කෙනෙකුට බුදුන් වදාළ ඒ සත්‍ය ධර්මය කුමක්දැයි නිවැරදිව අනුපිලිවෙලට දැනගනිමින් අවබෝධය ලබාගෙන අවසානයේ සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව පුහුණු වෙමින් ධර්ම අවබෝධය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගය පෙන්වීමටයි.


පටුන

ධම්මචක්කපවත්තන සූත්‍රය

සච්චවිභඞ්ග සූත්‍රය

මහා අරියවංශ සූත්‍රය

රාහුලෝවාද සූත්‍රය

බොධි සූත්‍රය

ගිරිමානන්‍ද සූත්‍රය

බාහිය සූත්‍රය

මුනි සූත්‍රය

ධජග්ග සූත්‍රය

රතන සූත්‍රය

ඉසිගිලි සූත්‍රය

මහා සමය සූත්‍රය

මංගල සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රය

මෙත්තානිසංස සූත්‍රය

අහිරාජ සූත්‍රය

ආළවක සූත්‍රය

පුත්තමංසූපම සූත්‍රය

කසීභාරද්වාජ සූත්‍රය

ආමගන්ධ සූත්‍රය

නිධිකණ්ඩ සූත්‍රය

නාලක සූත්‍රය

පුරාභෙද සූත්‍රය

සල්ල සූත්‍රය

භද්දෙකරත්ත සූත්‍රය

වාසෙට්ඨ සූත්‍රය

විජය සූත්‍රය

ගුහට්ඨක සූත්‍රය

රට්ඨපාල සූත්‍රය

තිරොකුට්ට සූත්‍රය

ආටානාටිය සූත්‍රය

පුණ්‍යක්‍රියා සූත්‍රය

මොනෙය්‍ය සූත්‍රය

භාවනා කමටහන

ශාක්‍ය කෝලිය දිය දබරය

සබ්බාසව සූත්‍රය

මහා සතිපට්ඨාන සූත්‍රය

පිං පැමිණවීම

සෙත් පිරිත්

බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය කුමක්දැයි නිවැරදිව දැනගැනීමටත්, බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වීමටත්, නිවණ දැකීමටත්, නිවණ සාක්ෂාත් කරගැනීමටත් අවශ්‍ය කරන සියලුම ධර්මයන් ඇතුලත් වන අයුරින් තෝරාගත් සුත්‍ර 37 ක්ද, සතිපට්ඨාන භාවනාවද, මා විසින් මේ පොත තුල පෙළගස්වා තිබෙන පිළිවෙල අනුව ඔබ මුලින්ම පිවිසිය යුත්තේ ධම්ම චක්ක පවත්තන සුත්‍රයටයි. එය කියවා ඒ පිටුව අවසානයේ ඔබගේ දකුණු අත පැත්තේ ඇති ඊතලය මගින් ඊළඟ සච්ච විභංග සුත්‍රයට පිවිසිය හැක. මෙලෙස සතිපට්ඨාන සුත්‍රය දක්වා අනුපිලිවෙලට කියවමින් නුවණින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට හැකි බව ඒකාන්ත සත්‍යයකි. ඒ සඳහා දක්ෂ වීමට නම්, ස්ථිර වූ අරමුණෙහි සිත පිහිටුවාගෙන, ඒ අරමුණෙහි සිත කීකරුව තබා ගත හැකි, තවද දැඩි දෘෂ්ඨි ගත නොවන, තමා පිලිබඳ හීන හෝ අධි මානයක් නැති කෙනෙකු විය යුතුයි.

අපගේ පරමාර්ථය වන්නේ එක් පින්වතෙකුට හෝ බුදුන් වහන්සේගේ ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීමට සැලැස්වීම මිස
අපගේ දැනුම පෙන්වීම හෝ කිසිවකුට තවත් දැනුමක් පමණක් ලබා දීම නොවේ.

ඒ නිසා මීට පරිබාහිරව මේ පොතට අලුතින් සූත්‍ර එකතු කිරීමට බලාපොරොතු නොවන බව සලකන්න.